සුඩාන හමුදා ගුවන් ප්‍රහාර හමුවේ සිවිල් වැසියන් 32 ක් ජීවිතක්ෂයට.

සුඩාන හමුදා විසින් එල්ල කළ ගුවන් ප්‍රහාර හමුවේ සිවිල් වැසියන් 32 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය අප්‍රේල් මාසයේදී සුඩාන හමුදා සහ අතුරු හමුදා අතර ගැටුම් ආරම්භ වී ඇති අතර එතැන් සිට දිනක් තුළ වැඩිම සිවිල් වැසියන් පිරිසක් මියගිය දිනයක් බවට ඊයේ (06) දිනය පත් වූ බව  සුඩාන සමාජ ක්‍රියාකාරීන් පෙන්වා දී තිබේ.

එමෙන්ම සුඩානයේ, ඔම්බාඩා ප්‍රදේශයට එල්ල වූ මෙම ගුවන් ප්‍රහාරවලින් තවත් සිවිල් වැසියන් රැසක් තුවාල ලබා ඇති අතර යුද ගැටුම් හමුවේ මේ වනවිට සුඩාන වැසියන් මිලියන 4 ක් පමණ අවතැන් වී සිටින බව සදහන්. 

එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ සුඩාන දරුවන් දහස් ගණනක් මේ වනවිට දරුණු මන්දපෝෂණ තත්ත්වයකින් පෙළෙන බවයි.

Exit mobile version