මහාධිකරණ නඩුවලින් 33%ක්ම ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ නඩු.

මෙරට මහාධිකරණය තුළ පවතින නඩුවලින් 33%ක් ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ සම්බන්ධ නඩු බවට අධිකරණ ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

රටේ සමස්ත අධිකරණ පද්ධතිය තුළ ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ සම්බන්ධ නඩු 24700ක් පමණ තිබෙන බවට අධිකරණ ඇමතිවරයා සඳහන් කර තිබේ.

“මෙරට මහාධිකරණ තුළ පවතින නඩු 29700න් 9800ක්ම ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ සම්බන්ධ නඩු බවට ගණන් බලා තිබෙනවා. ඒ කියන්නේ මහාධිකරණවල තිබෙන නඩුවලින් 33%ක් ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ සම්බන්ධ නඩු කියන එකයි. මෙම තත්ත්වය පිළිබඳ අපි කනගාටු විය යුතුයි. සමාජය නිවැරදි මාර්ගයට ගෙන ඒම නීතියෙන් පමණක් කළ නොහැකියි. ඒ සඳහා සියලුදෙනා එක්ව සමාජ යහපත උදෙසා කටයුතු කළ යුතු යැයි” අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version