සමාජ මාධ්‍ය නියාමන පනතට එරෙහිව පෙත්සම් 34ක්.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ( සමාජ මාධ්‍ය නියාමන) සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම් 34ක පිටපත් තමාට ලැබී ඇති බවට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ අද පැවසූ බව වාර්තා වේ.

මෙම පෙත්සම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ප්‍රකාරව ඉදිරිපත් කර ඇතැයිද  ඔහු සඳහන් කර තිබේ.

කතානායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී නිවේදන නිකුත් කරමිනි.

Exit mobile version