දඹුල්ල ප්‍රදේශයේ තරුණ සංවිධානයක් විසින් පැවැත්වූ සල්පිල් වෙන්දේසියක දී කිඹුලා බනිස් ගෙඩියක් රුපියල් 34,600 කට වෙන්දේසි වී තිබෙන බව වාර්තා වේ .
එම බනිස් ගෙඩිය මිලදී ගෙන තිබෙන්නේ ජර්මන් ජාතික පිරිසක් විසිනි .
දඹුල්ල ප්‍රදේශවාසීන් සහ මෙම ජර්මන් ජාතික පිරිස අතර පැය කිහිපයක පටන් තිබූ වෙන්දේසි සටනකින් පසුව විදෙස් ජාතික පිරිස විසින් කිඹුලා බනිස් ගෙඩිය මිලදීගෙන තිබේ . පසුව මෙම බනිස් ගෙඩිය විදේශිකයන් විසින් ප්‍රදේශයේ කුඩා දරුවෙකුට ලබා දුන් බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරයි .
