කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් පසුව එරට වීසා නොමැතිව , නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 35 දෙනෙකු එරටින් පිටුවහල් කර අද(29) කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබූ බව වාර්තා වේ.
මෙම පිරිස අතර ගෘහ සේවිකාවන් 33 දෙනෙකු සහ ගෘහ සේවකයින් 02 දෙනෙකු විය .
මොවුන් අතරින් එරට හාම්පුතුන් විසින් එරට වාසය කිරීමට අවශ්‍ය ඔවුන්ගේ වීසා බලපත්‍ර කාලය දීර්ඝ කර නොදී සිටි පිරිසක් සහ තවත් පිරිසකගේ ගමන් බලපත්‍ර හාම්පුතුන් විසින් ඔවුන්ට ආපසු ලබා නොදුන් පිරිසක් ද වූහ .
කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සමග සාකච්ඡා කර මෙම පිරිස නිශ්කාශනය කර ගැනීමට පියවර ගෙන තිබුණි .
එසේම ඇතැම් සේවිකාවන්ට එරෙහිව එරට අධිකරණයේ නඩු පවරා තිබූ අතර , තවත් පිරිසකට ඔවුන්ගේ හාම්පුතුන් විසින් ව්‍යාජ නඩු පවරා තිබූ අතර , ඒ සියලු නඩු කටයුතු සදහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අවශ්‍ය නීතීඥ සහාය ලබා දී , එම නඩු සමථයකට පත් කර ගැනීමට ද පියවර ගෙන තිබුණි .
එමෙන්ම තවත් ඇතැම් සේවිකාවන්ට හිමි සිය අවසන් ප්‍රතිලාභ සහ හිග වැටුප් ලබා ගැනීමට ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත් වී තිබුණි .
