මෙම වසරේ ගතවූ කාල සීමාව තුළ HIV ආසාදිතයන් 350කට ආසන්න පිරිසක් වාර්තා වී ඇති බවට ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන නිවේදනය කර ඇති බව වාර්තා වේ.
පසුගිය වර්ෂය තුළ HIV ආසාදිතයන් 607 දෙනෙකු හදුනාගෙන ඇති බව සඳහන්.
ලිංගාශ්‍රිත රෝග වැඩි වශයෙන් වයස අවුරුදු 15 සිට 49 දක්වා පුද්ගලයන්ගෙන් වාර්තා වන බව ද අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය සඳහන් කර තිබේ.
