සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිහක් පමණ ජනාධිපති සමග එක්වන බව ප්‍රථම වරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න ප්‍රකාශ කොට තිබේ.
ඒ මහතා මේ බව ප්‍රකාශ කොට ඇත්තේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී බවයි සදහන්වන්නේ.
එම මන්ත්‍රී කණ්ඩායම ඉතා ඉක්මනින් නුදුරු දිනයක ජනපති හා එක්වන බවත්, ඒ සදහා එම මන්ත්‍රී කණ්ඩායම, ජනපති හා එක්වීමට එකගතාවය පළ කොට ඇති බවත් ලක්ෂ්මන් විජේමාන්න මහතා ප්‍රකාශකොට තිබේ.
