පාකිස්ථාන ජනග්‍රගණයෙන් 40% ක් දරිද්‍රතාවයේ.

පාකිස්ථානයේ 40% ක් පමණ දරිද්‍රතා රේඛාවට වඩා පහළින් සිටින බව ලෝක බැංකු වාර්තාවක් අනාවරණය කර තිබේ.

එම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ මිලිටරි , දේශපාලන සහ ව්‍යාපාරික නායකයින්ගේ අවශ්‍යතා මත ගත් ප්‍රතිපත්ති සමාලෝචනය කළ යුතු බවයි.

වෙනස් විය යුතු එරට බදු ප්‍රතිපත්ති පිළිබඳව ද ලෝක බැංකුව අවධාරණය කර තිබෙන අතර පසුගිය මූල්‍ය වර්ෂය වනවිට පාකිස්ථානයේ දරිද්‍රතාව ඉහළ ගොස් ඇත්තේ 39. 4 % ක් දක්වා බව සඳහන්.

ඒ අනුව මිලියන 231 ක් පමණ වන පාකිස්ථාන ජනතාවගෙන් මිලියන 95 ක් පමණ දිවි ගෙවන්නේ දරිද්‍රතාවයෙන් බව වාර්තා වේ .

Exit mobile version