2023 වර්ෂයේ මේ දක්වා කාලසීමාව තුළ වෙඩි තැබීම් 40ක් වාර්තා වී ඇති බවත් , ඉන් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් , තවත් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවත් පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම බස්නාහිර පළාතේ සහ දකුණු පළාතේ වැඩිම වෙඩි තැබීම් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත් සඳහන්.
