කෝටි 400 ක වාහන වල ව්‍යාජ ලිපි ලේඛන සකසලා.

රුපියල් කෝටි 400 කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වාහන රැසකගේ ව්‍යාජ ලේඛන සකසා ඒවා මෙරට ලියාපදිංචි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් අනාවරණය කර ගෙන ඇති අතර මෙම ජාවාරම මෙහෙයවනු ලැබූ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලේඛනාගාරයේ නිලධාරියෙකු සහ තවත් පුද්ගලයෙකු පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

සුඛෝපභෝගී මොටර් රථයක ලියාපදිංචිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී මෙම ජාවාරම පිළිබඳව තොරතුරු අනාවරණය කර ගෙන තිබෙන අතර අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරියා සන්තකයේ ද මෙලෙස ව්‍යාජ ආකාරයට ලියාපදිංචි කළ සුඛෝපභෝගී මෝටර් රථයක් තිබී සොයා ගෙන තිබේ.

වාර්තා වන ආකාරයට මෙම ජාවාරමට සම්බන්ධ වූ පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙන අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩි දුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරනු ලබයි.

Exit mobile version