හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ වර්ග 400 ක්.

 ඖෂධ වර්ග 400 ක් හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගෙන රෝහල් වෙත බෙදා හැර ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියානු ණය යෝජනා ක්‍රම යටතේ ලැබුන ඖෂධ වර්ග 378 ක් ද රෝහල් වෙත බෙදාහැර ඇති බවයි.

එමෙන්ම ඔහු වැඩි දුරටත් සඳහන් කළේ රෝහල්වල ඖෂධ වර්ග 77ක හිඟයක් පවතින බවයි.

 මේ අතර, සෞඛ්‍ය සේවයේ උද්ගතවී ඇති තත්ත්වය පැහැදිලි කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයෙත් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. 

Exit mobile version