අලුතින් ග්‍රාම නිලධාරින් 4000ක්.

පුරප්පාඩුව පවතින ග්‍රාම සේවා නිලධාරී තනතුරු 4000කට ආසන්න ප්‍රමාණය සඳහා නව බඳවා ගැනීම් කඩිනමින් සිදුකිරීමට පියවර ගෙන ඇති බවට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අ‍ශෝක ප්‍රියන්ත මහතා පැවසූ බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මෙරට ග්‍රාම සේවා වසම් 14,022ම ඩිජිටල් කරණය කිරීමේ e-GN වැඩසටහන මේ වන විටත් ආරම්භ කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අ‍ශෝක ප්‍රියන්ත මහතා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (07දා) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

Exit mobile version