මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය දින පහ තුළ පවුල් 428ක පුද්ගලයින් 1,872ක් පීඩාවට පත්ව ඇති බවත් , පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා එක් අයෙකු අතුරුදන්ව ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිවාසවලට සිඳු වූ හානිය සම්බන්ධයෙන් වන්දි ලබා දීමට අවශ්‍ය කටයුතු සිඳු කෙරෙමින් පවතින බවත් , ජල ගැලීම් හා නාය යෑම් සම්බන්ධයෙන් අවධානයෙන් පසු වන ලෙසත් ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.
