ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මෙම වර්ෂයේ පළමු සිව් මස තුළ දී රුපියල් කෝටි 4, 340 ක ලාබයක් ලබා ඇති බව මෙම වර්ෂය මධ්‍යයේ නිකුත් කළ රාජ්‍ය මූල්‍ය තත්ත්ව වාර්තාවේ සඳහන් කර තිබේ.
ඒ අනුව මෙම වර්ෂයේ පළමු සිව් මස තුළදී බොරතෙල් ආනයනයට ඩොලර් මිලියන 277.1 ක් , ඛනිජ තෙල් ආනයනයට ඩොලර් මිලියන 1,009.3 ක් සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ආනයනය කරන ලද පෙට්‍රෝලියම් නිෂ්පාදනවල සමස්ත අගය ඩොලර් මිලියන 877.35 ක් බවත් , එම කාලය තුළදී ආනයනය කළ ඉන්ධන සඳහා ඩොලර් මිලියන 1,599.7 ක් වැය කර ඇති බවත් , එය සමස්ත ආනයන වියදමෙන් 30% ක් බවත් එම වාර්තාවේ සඳහන් කර ඇති බව වාර්තා වේ.
