පොලිස් හා සිවිල් ආරක්ෂාව තිබියදී අත්තනගල්ල පුරාණ විහාරය හොරු කඩයි.

ඓතිහාසික අත්තනගල්ල පුරාණ රජමාහාවිහාරයේ පොලිසිය හා සිවිල් ආරක්ෂකයන් සිටියදීත් හොරුන් විසින් පෞරාණික පිළිම, ධාතු කරඬු හා පින් පෙට්ටිය මංකොල්ල කා පලා ගොස් ඇති බව වාර්තාවේ.

එම විහාරයේ තිබු ධාතුන් වහන්සේ සහිත කරඬු තුනක්, කිරි ගරුඬ බුද්ධ ප්‍රතිමා තුනක්, පෞරාණික සමාධි පිළිමයක් සහ විහාරයේ පඬුරු පෙටියේ තිබු මුදල් සොරාගෙන  ගොස් ඇති බව අත්තනගල්ල පොලිසිය පවසා තිබේ.

මෙම විහාරයේ විහාරාධිකාරී හිමි විසින් අත්තනගල්ල පොලිසියට මේ පිලිබඳව පැමිණිල්ලක් කොට ඇති  බව පොලිසිය පවසයි.

සොරුන් විසින් විහාර ධාතු මන්ධීරයේ ජනේලයක් උපයෝගීකොට ගෙන ධාතු මන්දීරයට ඇතුල්වී භාණ්ඩ සොරාගෙන තිබේ. අත්තනගල්ල පොලිසිය පොලිස් නිල සුනඛයන් යොදා ගනිමින්  වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කොට තිබේ.

Exit mobile version