ප්‍රංශයේ විරෝධතා මැඩලන්න 45,000ක පොලිස් බල ඇණියක් සීරුවෙන්.

ප්‍රංශයේ උද්ගතව ඇති විරෝධතා පාලනය කිරීම සඳහා 45,000 කින් යුතු පොලිස් බල ඇණියක් කැඳවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පැරිස් නුවර මාර්ග බාධකයකදී අණ නොතකා මෝටර් රථයක් ධාවනය කළ 17 හැවිරිදි පිරිමි දරුවෙකු පොලිස් නිලධාරියෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟ මෙම විරෝධතාව හට ගත් අතර මෙම විරෝධතාව හේතුවෙන් දහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් , ඉන් බහුතරයක් අවුරුදු 13 – 18 ත් අතර වයස්වල පසුවන්නන් බවත් සඳහන් වේ.

Exit mobile version