ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මගින් රුපියල් ලක්ෂ 70 ක් කප්පම් ලෙස ලබාගත් පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
ඒ ඔහුන් විසින් පසුගිය 10 වනදා පුද්ගලයකු පැහැරගෙන ගොස් කප්පම් ලබාගැනීමේ සිද්ධියක් මුල් කර ගනිමින් බවයි සදහන් වන්නේ.
ඔහුන් ග්‍රෑන්ඩ්පාස්, වත්තල, මට්ටක්කුලිය හා මරදාන යන ප්‍රදේශ වල පදිංචි කරුවන් වන අතර ඔහුන් කප්පම් ලෙස ලබාගත් රුපියල් ලක්ෂ 70 ක මුදලද පොලිසියට සොයාගත හැකිව ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් සියලුදෙනා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්ව ඇත.














































