මධ්‍යම කොලොම්බියාවේ බොයාකා ප්‍රදේශයේ දී පසුගිය බදාදා (19) උදෑසන කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් හිටපු සෙනෙට් සභිකයෙකු ඇතුළු හය දෙනෙකු මිය ගිය බව වාර්තා වේ.
Cessna T210N ගුවන් යානයක සිටි පස් දෙනෙකු සහ නියමුවා සමඟ කොලොම්බියාවේ අගනුවර වන Bogota හි Guaymaral ගුවන් තොටුපළ වෙත ගමන් කිරීමට මෙම ගුවන් යානය Villavicencio නගරයෙන් එදින උදෑසන 7:40 ට පිටත්ව තිබේ .
“ලද තොරතුරු වලින් පෙනී යන්නේ සියලුම දෙනා මියගිය බවයි” එරට සිවිල් ගුවන් සේවා නියාමනය භාර ඒජන්සිය වාර්තා කර තිබේ.
මිය ගොස් ඇත්තේ ගුවන් නියමු Eliodoro Alvarez සහ යානයේ ගමන්ගත් මගීන් පස් දෙනායි. Nohora Tovar, Oscar Rodriguez, Felipe Carreno, Guillermo Perez සහ Dimas Barrero යනු ඒ පස් දෙනයි. ඔවුන් සියලු දෙනාම 2013 දී කොලොම්බියාවේ හිටපු ජනාධිපති Alvaro Uribe Velez විසින් ආරම්භ කරන ලද දේශපාලන පක්ෂය වන Democratic Center හි නායකයින් බව සදහන් වේ.
55 හැවිරිදි Nohora Tovar 2014 සහ 2018 අතර එම පක්ෂය නියෝජනය කරමින් සෙනෙට් සභිකයෙකු ලෙස කටයුතු කර ඇති අතර ඇය ඩොමිනිකන් ජනරජයේ සහ හයිටියේ කොලොම්බියාවේ තානාපතිනිය ලෙසත් කටයුතු කළ අයෙකි. ඇයගේ සැමියා වූ Guillermo Perez මේ මිය ගිය පිරිස අතර වන බව වාර්තා වේ .Felipe Carreno ඔක්තෝබර් මාසයේ පැවති පළාත් පාලන මැතිවරණයේ දී මෙටා බල ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා ලෙස ඉදිරිපත් වූ අයෙක් බව සදහන් .
