ඇමෙරිකානු ඩොලර් මිලියන 946 කට අධික වටිනාකමකින් යුතු කෝකේන් ටොන් 5 කට අධික ප්‍රමාණයක් ඉතාලියට ආසන්න මුහුදු තීරයෙන් සොයා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
සුසිලි දූපතෙහි දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ නැව් දෙකක් අතර හුවමාරු කරමින් තිබියදී මෙම කෝකේන් තොගය ඉතාලි බලධාරීන් විසින් සොයා ගෙන තිබෙන අතර එහිදී පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
