බංග්ලාදේශයට ඩොලර් මිලියන 50ක් ගෙවයි.

බංග්ලාදේශයෙන් ලබාදුන් ඩොලර් මිලියන 200ක ණය මුදලින් කොටසක් ගෙවා දැමීමට ශ්‍රී ලංකාව පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව ගෙවා ඇති මුදල ඩොලර් මිලියන 50 කි.

අගෝස්තු මස 17 වනදා ඊට අදාළ වාරිකය බංග්ලාදේශ මහ බැංකුව වෙත ලැබී ඇති බව වාර්තා වේ.

බංග්ලාදේශය විසින් 2021 වර්ෂයේදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාදුන් බව සදහන්.       

Exit mobile version