මහනුවර ඇසළ පෙරහැරේ ආරක්ෂාවට පොලිසියෙන් 5000ක්.

මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 5000ක් පමණ යෙදවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මෙම පෙරහැර මංගල්‍යය සම්බන්ධයෙන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) සාකච්ඡාවක් ද පවත්වා තිබේ.

පෙරහැර මංගල්‍යය සඳහා කප් සිටුවීම අගෝස්තු මස 17 වැනිදින සුබ මොහොතින් සිදු කිරීමට නියමිතව තිබේ.

Exit mobile version