පවතින දැඩි නියඟය හේතුවෙන් උඩවලව ජලාශය යටතේ වගා කර ඇති කුඹුරු ඉඩම් අක්කර 50,000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී යාමේ අවදානමක් මතුව ඇති බවට මහින්ද අමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
උඩවලව ජලාශයට සමනල වැවෙන් අවශ්‍ය ජලය නොලැබුණහොත් වී හා අනෙකුත් භෝග හානියෙන් රුපියල් බිලියන 30ක පාඩුවක් සිදුවිය හැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මෙම ගැටලුව සම්බන්ධව අමාත්‍ය මණ්ඩලය සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා දීම සඳහා කටයුතු කරන බවට මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
