මේ වසරේ ලාදුරු රෝගීන් 51ක්.

මෙම වර්ෂයේ පළමු කාර්තුවේ කොළඹ දිස්ත්‍රීකය තුළ ලාදුරු රෝගීන් 51 ක් හඳුනාගෙන ඇති බව ඊයේ (27) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ පැවති කොළඹ සම්බන්ධීකරණ කමිටුවේදී කොළඹ ප්‍රාදේශීය සේවා බල ප්‍රදේශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කසුනි කළුබෝවිල ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම 2022 වර්ෂයට සාපෙක්ෂව මෙම වර්ෂයේ පළමු කාර්තුවේ දී ලාදුරු රෝගීන්ගේ 5%ක වර්ධනයක් දක්නට ඇබෙන බවත් , ලාදුරු රෝගය වැළදුණු ළමුන් පස් දෙනෙකු හඳුනාගෙන ඇති බවත් , මොරටුව සහ රත්මලාන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවල ලාදුරු රෝගය සම්බන්ධයෙන් පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්වෙන බවත් ඇය වැඩි දුරටත් සඳහන් කර තිබේ.

කොළඹ දිස්ත්‍රික්කය තුළ යම් අයෙක්ට ලාදුරු රෝගය තිබේ නම් ඒ සම්බන්ධව ස්ථීරව දැන ගැනීම සඳහා සමේ සමීපතම ඡායාරූපයක් 075-4088604 යන වට්ස්ඇප් අංකයට යොමු කළ හැකි බවත් , කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥවරියක් විසින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර කිරීමට කටයුතු කරන බවත් කොළඹ ප්‍රාදේශීය සේවා බල ප්‍රදේශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කසුනි කළුබෝවිල තව දුරටත් සඳහන් කරන ලදී.

Exit mobile version