යාපනයේ අච්චුවේලී පුතූර් කලෙයිකූරා ප්‍රදේශයේ නිවාස දෙකකට හා තරුණයින් දෙදෙනෙකුට ද පොලිස් නිලධාරියෙකුට ද පහර දී තුවාල සිදු කොට නිවෙස්වල භාණ්ඩ විනාශ කිරීමේ සිද්ධියට සම්බන්ධ 58 දෙනෙකු 5 දා වන විට අච්චුවේලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජුනි මස 29 වෙනිදා ඇති වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම 34 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඉතිරි පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
අච්චුවේලි ප්‍රදේශයේ තරුණයෙකු විසින් කාන්තාවකගේ නිරුවත් ඡායාරූප කීපයක් සමාජ මාධ්‍යවලට යවා ඇති බවට ඇති වූ සැකයක් මත මුළු ගමක්ම ගොස් එම තරුණයාට හා ඔහුගේ මිතුරාට පහර දී තිබේ.
තරුණයින්ගේ නිවාසවලට අලාභ හානි කළ මේ පිරිස ඔවුන්ට අයත් යතුරු පැදියක් ද ගිනි තබා තිබුණි.
සිද්ධිය යථා තත්ත්වයට පත් කිරීමට ගිය අච්චුවේලි ගම්මානයේ පදිංචිව සිටින පොලිස් නිලධාරියෙකුට ද ප්‍රහාරයට පැමිණි කාන්තාවන් විසින් පහර දී තිබේ.
මෙම ගැටුම නිරාකරණය කිරීමට පසුව ගිය අච්චුවේලි ගම්මානයේ පදිංචිව සිටින පොලිස් නිලධාරියෙකුට ද ප්‍රහාරයට පැමිණි කාන්තාවන් විසින් පහර දී තිබේ.
මෙම ගැටුම නිරාකරණය කිරීමට පසුව ගිය අච්චුවේලි පොලිසියේ නිලධාරීන්ට ද ගම්වාසීන් පහර දීමට උත්සාහ කළ අවස්ථාවේ දී පොලිසිය අහසට වෙඩි තබා සිද්ධිය පාලනය කොට තිබුණි.
පහර කෑමට ලක් වූ තරුණයින් දෙදෙනා හා පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා යාපනය අච්චුවේලි රෝහලට ඇතුළත් වී ඇත.
පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 58 දෙනා මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව ජුලි මස 12 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 39 දෙනෙකු සිටින අතර අච්චුවේලි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු තව දුරටත් පවත්වා ගෙන යයි.
( ලංකා සර )
