සූදු පොළකදී 6ක් අත්අඩංගුවට .

ගෝනපල ඔලබොඩුව ප්‍රදේශයේ නිවසක කලක් තිස්සේ පවත්වාගෙන ගිය සූදු පොළක් වටලා නිවෙස් හිමියා ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.

මොරගහහේන පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත පොලිස් බුද්ධි නිලධාරින් යොදවා මේ පිළිබඳ තොරතුරු රැස් කර ඊයේ (21) රාත්‍රියේ පොලිස් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී සූදු පොළේ සිටි කිහිප දෙනෙකු පළා ගොස් ඇති අතර 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

මෙම සැකකරුවන් ගෝනපල හා ඔලබොඩුව පදිංචි කරුවන් වේ.

සූදු පොළේ තිබී රුපියල් 4000ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.

Exit mobile version