පොලිස් නිලධාරින්ට පහරදුන් 6ක් අත්අඩංගුවට .

ගල්කිස්ස වෙරළ තීරයේ දී පොලිස් නිලධාරීන්ට පහරදුන් පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

වෙරළ තීරයේ ගල්පර සහිත අනතුරුදායක ස්ථානයක බීමත් පුද්ගලයින් පිරිසක් දියනාමින් සිටින බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ඇති අතර එහිදි ඔවුන් විසින් අදාළ පිරිසට අවවාද කර ඇති බවට පොලිස් මුලස්ථානය ප්‍රකාශ කර තිබේ.

එහිදි බීමත් පිරිස පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැනවැදී කලහාකාරී ලෙස හැසීරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව සදහන්.

එම අවස්ථාවේ තත්ත්වය පාලනය කිරීමට උත්සහ කිරීමේ දී සැකකරුවන් විසින් පොලිස් නිලධාරීන්ට පහරදීමක් සිදුකර තිබේ.

පහරකෑමට ලක්වු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර පහරදීම සම්බන්ධයෙන් වයස අවුරුදු 16ත් 30ත් අතර වයස්වල පසුවන සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version