ඊයේ (18) දින STF නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ ප්‍රදේශයේදී සංචාරකයන් හට වදයක් වෙමින් බලෙන් කුලී රථවලට නන්වා ගෙන සංචාරකයන් අපහසුතාවයට ලක් කර මුදල් උපයා ගන්නා පුද්ගලයන් හය දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
කටුනායක ගුවන්තොටුපොළේ පිටවීමේ පර්යන්තය අසල මොවුන් රැදී සිටිමින් ගමන් මලු හා සංචාරකයන් බලෙන් කුලී රථවලට නන්වා එම රියදුරන්ගෙන් මුදල් ලබාගන්නා බව මුලික විමර්ශනවලදී හෙළිව තිබේ.
මෙලෙස ක්‍රියා කරන තවත් පුද්ගලයන් සොයා විමර්ශන ඉදිරියේදී සිදුකරන බව පොලිසිය ප්‍රකාශ කොට ඇත.
