ඊයේ (18) උදෑසන 6.00 ට පමණ නවතා තිබූ බස් රථයක කොළඹ දෙස සිට මහනුවර දෙස බලා මාළු වෙළෙන්දන් රැගත් ධාවනය වූ කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරින් කැබ් රථයේ ගමන් ගත් 6 දෙනෙකු රෝහල් ගත කළ බව වාර්තා වේ .
පානදුර සිට මහනුවර බලා යන පෞද්ගලික බස් රථයක රෝදයක් කැඩී යාම නිසා කොරළවැල්ල ප්‍රදේශයේ දී එම බස් රථය නවතා වම් පස තිබියදී කැබ් රථය මෙලෙස බස් රථයේ වැදී අනතුරට ලක්ව තිබේ .
කැබ් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙලෙස අනතුරට ලක්ව ඇති බව සදහන් වේ.
