IS සටන්කාමීන් විසින් වයඹදිග පාකිස්තානයේ සිදුකළ වෙඩිතැබීමකින් පොලිස් නිලධාරීන් 4 දෙනෙක් ඇතුළු පුද්ගලයන් හය දෙනකු මිය ගොස් ඇති බව වාර්තාවේ.
එම ප්‍රහාරය සඳහා IS සාමාජිකයන් 50 දෙනෙක් පමණ පැමිණ ඇති බවත් වාර්තා විය.
එලෙස මිය ගිය අය අතර පුද්ගලික ආරක්ෂක භටයින් දෙදෙනෙක්ද සිටින බව වාර්තාවේ.
අයිඑස් සටන්කාමීන්ගේ ප්‍රහාරයේ ඉලක්කය වී ඇත්තේ ඇෆ්ඝනිස්තාන – පාකිස්තාන දේශසීමාව ආසන්නයේ පිහිටා තිබු ස්වාභාවික ගෑස් සහ බොරතෙල් නිෂ්පාදනය කෙරෙන සංකීර්ණයක් බව පැවසේ.
