නාලන්ද එල්ලාවල ඝාතනයෙන් පසු ඇති වූ සිද්ධීන්වලට 6 දෙනෙකුට සිර දඩුවම් නියම කරයි.

නාලන්ද එල්ලාවල ඝාතනයෙන් පසු ඇති වූ සිවිල් නොසන්සුන්තාවලට සම්බන්ධයෙන් 06දෙනකුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  වසර 05ක සිර දඬුවමක් නියම කළ බව වාර්තා වේ.

1997 වසරේදී දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල ඝාතනයෙන් පසු ඇති වූ  සිවිල් නොසන්සුන්තාවට සම්බන්ධ බවට චෝදනා ලැබූ පුද්ගලයින් 06 දෙනකුට රත්නපුර මහාධිකරණය විසින් පනවා තිබූ වසර 05ක සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කළ බව සදහන්.

මෙම සිදුවීමට සම්බන්ධ රත්නපුර පළාත් සභාවේ හිටපු සභාපති සුගත් දිසානායක ඇතුළු විත්තිකරුවන් 2007 වසරේදී රත්නපුර මහාධිකරණය විසින් වරදකරුවන් බවට තීන්දු කර වසර 05ක සිර දඬුවමක් නියම කළ අතර විත්තිකරුවන් මෙම තීන්දුව අභියාචනාධිකරණය හමුවේ අභියෝගයට ලක්කළ නමුත් 2010 වර්ෂයේ දී එය ප්‍රතික්ෂේප වී තිබේ.

අනතුරුව මොවුන්  ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු වූ නමුත් අධිකරණය ඔවුන්ට පක්ෂව තීන්දුවක් නොදුන් අතර අද (27) සිට වසර 5 ක සිර දඬුවම ක්‍රියාත්මක කිරීමට නියෝග කළ බව වාර්තා වේ.

Exit mobile version