හෙද නිලධාරීන්ගේ වයස අවුරුදු 60 සම්පූර්ණ වූ පසු විශ්‍රාම ගැන්වීම ක්‍රියාත්මක වීම අහෝසි කරමින් අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර තිබු පසුබිමක ඊට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති අභියාචන පෙත්සම සලකා බැලීම මෙම මස 9 වැනිදාට කඩවන බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බව වාර්තාවේ.
මෙසේ නියෝග කළේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මෘර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් බවයි සදහන් වන්නේ.
ඒ අනුව එහි වග උත්තරකරුවන් ලෙස රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබේ.
නීතිපතිවරයා අභියාචනාධිකරණය මගින් ඉල්ලා ඇත්තේ නිකුත් කළ අතුරු නියෝගය බල රහිත කර රිට් පෙත්සම ඉවත දමන ලෙසයි.
