ඩෙංගු වළක්වන්න කණ්ඩායම් 60ක්.

මෙම වර්ෂයේ ගත වූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 32,600ක් වාර්තා වී ඇති බවත් , එය පසුගිය වසරට සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා බවත් , ඉන් 50%ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවත් විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටි ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම  කොළඹ නගරයේ වැල්ලවත්ත , පාමංකඩ , නාරාහේන්පිට , කුරුඳුවත්ත , කොටුව සහ ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවල ඩෙංගු රෝගීන් බහුල වීම හේතුවෙන් එම තත්ත්වය පාලනය සඳහා කණ්ඩායම් 60ක් යොදවා ඇති බවත් , දින දෙකකට වඩා උණ පවතී නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙසත් කොළඹ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි සඳහන් කර තිබේ.

තවද කොළඹ නගරය පරීක්ෂා කිරීමේදී ඩෙංගු මදුරුවන් බහුවලව හමු වූ බවත් , ඊට එරෙහිව පියවර ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවත් කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන ද ප්‍රකාශ කර තිබේ.

Exit mobile version