ප්‍රජා ශාලාවක සිවිලිමේ ලක්ෂ 60ක මත්කුඩු.

‍බොරැල්ල සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණයේ ප්‍රජා ශාලාවක සිවිලිමේ සඟවා තිබූ රුපියල් ලක්ෂ 60 කට අධික වටිනා හොරෝයින් මත්කුඩු තොගයක් සොයා ගත් බවට පොලිස් විශේෂ කාර්ය බළකාය  ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එම ස්ථානයේ තිබී හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 600 කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්.

පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන කිසියම් පුද්ගලයකු ප්‍රජා ශාලාවේ පිටත සිවිලිමේ මේවා සඟවා තබන්නට ඇතැයි පොලිසිය සැක පළ කරනු ලබයි.

 වැඩිදුර විමර්ශන සඳහා මත් කුඩු තොගය බොරැල්ල පොලිසිය වෙත භාරදී තිබේ.

Exit mobile version