ඩෙංගු අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාල 67ක් නම් කෙරේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් ඩෙංගු අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යල 67ක් ප්‍රකාශයට පත් කළ බව වාර්තා වේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ගොතටුව , බත්තරමුල්ල , මහරගම යන අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාල , ශ්‍රී ලංකා රතුකුරුස සංගමය සමඟ ඒකාබද්ධව වැඩසටහනක් ආරම්භ කර ඇති අතර එම වැඩසටහනේ දී නිවාස 700කට අධික සංඛ්‍යාවක් පරීක්ෂා කිරීමට නියමිත බවත් , සති දෙකක කාලයක් පුරා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවත්  සඳහන්.

Exit mobile version