මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ පුද්ගලයින් 67,900ක්!

2022 වර්ෂයේ ජනවාරි මස සිට මේ දක්වා මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 67,900ක් අත්අඩංගුවට ගෙන ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වාර්තා කරයි.එමෙන්ම වර්තමානය වන විට මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධයක් පවතින බව එහි අධ්‍යක්ෂ ජනරාල් භද්‍රානි සේනානායක මහත්මිය ප්‍රකාශ කරන ලදී.

ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන වර්තමානය තත්ත්වය සලකා බලනකොට 2022 ජනවාරි ඉඳලා ඔක්තෝබර් දක්වා කාලය තුළ ලංකාවේ මත්ද්‍රව්‍ය වැරදි සඳහා පුද්ගලයින් 67,900ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේකෙන් අපි බැලුවොත් 52%ක් හෙරොයින් ආශ්‍රිත වැරදි සඳහා 37%ක් ගංජා වැරදි සඳහා සහ අයිස් මත්ද්‍රව්‍ය සඳහා පුද්ගලයින් 6,728ක් අත්අඩංගුවට පත්වෙලා තියෙනවා. මේ සංඛ්‍යා ලේඛන දිහා බලනකොට අපිට පේනවා සාමාන්‍යයෙන් අන්තරායකර ඖෂධ හැටියට ගැනෙන හෙරොයින්, ගංජා, අයිස් භාවිතයේ වැඩිවීමක් වගේම ව්‍යාප්තියේ වැඩිවීමක් දක්නට ලැබෙනවා.”

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් භද්‍රානි සේනානායක මහත්මිය  වැඩි දුරටත් ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ අය පුනරුත්තාපනය කිරීම උදෙසා ප්‍රමාණවත් පහසුකම් නොමැති බවයි.

මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින් ගත්තහම අපි ඇස්තමේන්තු ගත කරලා තියෙන ආකාරයට හෙරොයින් භාවිත කරන පුද්ගලයින් ලක්ෂයක් පමණත්, ගංජා භාවිත කරන පුද්ගලයින් ලක්ෂ 3 හමාරක් පමණත් ඉන්නවා. මේ අයගෙනුත් පුනරුත්තාපනය සඳහා එන්නේ ඉතාම අඩු සංඛ්‍යාවක්. සාමාන්‍යයෙන් වර්ෂයකට 4,000ක් වගේ තමා ප්‍රතිකාර සහ පුනරුත්තාපනයට පැමිණෙන්නේ. රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන ආයතනවල පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථාන ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. නමුත් ඉඩකඩ ප්‍රමාණවත් මදි ලංකාවේ පුනරුත්තාපනය සඳහා තියෙන පහසුකම් මදි. පුරුෂයින් සඳහා මධ්‍යස්ථාන තිබුණත් කාන්තාවන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉතාමත් අඩුයි.”

Exit mobile version