මත්තල ගුවන් තොටුපොළේ ගුවන්යානා අලුත්වැඩියා කටයුතු සඳහා ආයෝජකයන් හත් දෙනකු ඉදිරිපත්ව ඇතැයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (29) පාර්ලිමේන්තුවේදී කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .
වැඩි දුරටත් අදහස් දැක්වූ නිමල් සිරිපාල ද සිල්වා මහතා ,
” මෙම ගුවන්තොටුපොළින් පාඩුවක් සිදුවන බව ඇත්ත. ගුවන්තොටුපොළ ලාභ ලබන තත්වයට පත්කර ගැනීමට යම් යම් ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. මත්තල ගුවන් ගුවන්තොටුපොළ කෝටි දෙසීයක පාඩුවක් ලැබුවා . එම පාඩුව කෝටි 100 ට අඩු කරගෙන තිබෙනවා. දැන් වැඩි ගුවන් යානා ප්‍රමාණයක් මත්තලට පැමිණෙනවා “
