අදත් දුම්රිය ගමන් වාර 7ක් අවලංගුයි.

දීර්ඝ සති අන්තයක් හේතුවෙන් දුම්රිය රියදුරන් සේවයට නොපැමිණීම නිසා දුම්රිය ගමන් වාර 7 ක් අද (31) පස්වරුවේ අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී එන්. ජේ. ඉදිපොළගේ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

රියදුරන් සේවයට නොපැමිණීමෙන් රියදුරු හිඟයක් නිර්මාණ වී ඇති බවත් , හැකි උපරිමයෙන් දුම්රිය ධාවනය කිරීමට කටයුතුකරමින් සිටින බවත් ඔහු වැඩි දුරටත් සදහන් කර තිබේ .

Exit mobile version