ගංවතුරට 74ක් බිලි..

ඉන්දියාවේ සිකිම් ප්‍රාන්තයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 74 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඊසාන දිග සිකිම් ප්‍රාන්තයට බලපෑ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගංගා කිහිපයක් පිටාර ගැලීමෙන් හිමාල කඳුවැටියේ ඉවුරක් ද පුපුරා ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා දක්වයි.

ගංවතුර හේතුවෙන් තවත් පුද්ගලයින් 101 දෙනෙකු අතුරුදන්ව ඇති බව සඳහන්.

අතුරුදන් වූ පුද්ගලයින් අතර හමුදා සාමාජිකයින් 14 දෙනෙකු ද වන බවට විදෙස් මාධ්‍ය පවසයි.

Exit mobile version