අස්වැසුමෙන් අසාධාරණයට ලක් වූවන්ගෙන් අභියාචනා සහ විරෝධතා හත් ලක්ෂ අසූ දහසකට අධික සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙලෙස ලැබුණු අභියාචනා සහ විරෝධතා විමර්ශනය කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඒ සඳහා කමිටු පිහිටුවා ඇති බවත් , මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් සඳහන් වේ.
