එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය අදින් (18) ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ.
මෙවර සැසිවාරය ලබන 21 වනදා දක්වා පැවැත්වේ.
“2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසරභාවය මත පදනම්ව සංවර්ධන ඉලක්ක ජය ගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැගීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම” යන තේමාව යටතේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ මෙවර සැසිවාරය පැවැත්වෙන බව සදහන්.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය ඇමතීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 21 වනදා වන අතර ජනාධිපතිවරයා ඊයේ (17) අලුයම අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර වෙත පැමිණ තිබුණි.
මේ අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබේ.
එහිදී ජනාධිපතිවරයා සමුද්‍රීය ජාතීන් සඳහා වන ඉන්දු – පැසිෆික් දූපත් රාජ්‍ය අතර සංවාදය සඳහා ද එක්වීමට නියමිත බවට ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
