ඉන්දියාවේ දිස්ත්‍රික්ක කිහිපයක අකුණු සැර වැදී සිදුවු අනතුරුවලින් පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
ඒ අනුව ඉදිරි දින 04ක කාලය තුළ අකුණු සැර අනතුරු සම්බන්ධයෙන් දැඩි අවදානයක් යොමුකරන ලෙස ඉන්දීය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව එරට දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව වෙත අනතුරු ඇඟවීම් නිවේදන ද නිකුත් කර තිබේ .
එමෙන්ම ඉදිරි පැය 48ක කාලය තුළ අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමට ඉඩ ඇති බවත් , ඒ හේතුවෙන් අධික වැසි ඇති විය හැකි බවටත් එරට කාලගුණ බලධාරීන් අනතුරු අඟවා ඇති බව සදහන් .
