ලාංකික ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට .

ඉන්දීය මුහුදු සීමාවට ඇතුළු වූ ශ්‍රී ලාංකික ධීවරයින් 8දෙනෙකු ඉන්දීය වෙරළ ආරක්ෂක හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එම ධීවරයින් සමග ඩිංගි යාත්‍රා 4ක් ද ඉන්දීය වෙරළ ආරක්ෂක භාරයට ගෙන ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටියේ රැකියා සඳහා පිටත්ව ගිය යාත්‍රා දෙකක් සහ කන්දකුලිය ප්‍රදේශයෙන් පිටත්වූ යාත්‍රා දෙකක් බවට තොරතුරු වාර්තා වේ.

Exit mobile version