පාසල් සිසුවෙකුගේ වෙඩි පහරින් සිසුන් 8 දෙනෙකු මිය යයි.

සර්බියාවේ බෙල්ග්‍රේඩ් අගනුවර පිහිටි ප්‍රාථමික පාසලක් තුළ 14 හැවිරිදි සිසුවෙක් සිඳු කළ වෙඩි ප්‍රහාරයකින් සිසුන් 8 දෙනෙකු ඇතුළු පාසල් ආරක්ෂකයෙකු මිය ගොස් ඇති අතර තවත් සිසුන් 6 දෙනෙකු සහ ගුරුවරයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිසුවා සිය පියාගේ ගිනි අවිය භාවිතා කොට වෙඩි තැබීම සිඳු කර ඇති අතර ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිඳු කෙරෙන බව සඳහන්.

Exit mobile version