හම්බන්තොට යුද්ධ හමුදා බුද්ධි අංශයේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව රුපියල් ලක්ෂ 80ක් වටිනා අම්බර් කිලෝ 08ක් සමග සැකකරුවන් දෙදෙනෙකු මාතර දෙවි නුවර ප්‍රදේශයේදී මාතර අපරාධ කොට්ඨාශ නිළධාරීන් විසින් ඊයේ (20) සවස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිරිස්ස පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු හා වැලිගම පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරුවන් පිළිබඳව හම්බන්තොට යුද්ධ හමුදා බුද්ධි අංශ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක මාතර අපරාධ කොට්ඨාස විමර්ශන ඒකකයේ නිළධාරීන් එක්ව මෙම වැටලීම සිදුකර ඇති බව සදහන්.
තල් මසුන්ගේ ශරීරයෙන් ලබා ගන්නා අම්බර් ලොව මිලෙන් අධිකම සුවද විලවුන් නිෂ්පාදනය සදහා යොදා ගන්නා අතර,ලංකාව තුල අම්බර් අලෙවිය හා ළග තබා ගැනීම තහනම් ය.ඊට හේතුව තල්මසුන් මරා දැමීමට ජනතාව පෙළඹෙන නිසාය.
අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සදහා පොලීසියට බාර දී ඇති අතර සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.
