ඉන්දියාවේ ගංවතුර උවදුරින් 82 ක් අතුරුදන් .

ඉන්දියාවේ සිකිම් ප්‍රාන්තයේ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 82 කු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ලෝනක් විල පීටාර ගැලීමත් සමග මෙම ගංවතුර තත්ත්වය හටගෙන ඇති බව සඳහන් .

අතුරුදන් වූ පිරිස අතරේ ආරක්ෂක අංශ සාමාජිකයින් 22 දෙනෙකු ද වන බව වාර්තා වේ.

ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රාන්තයේ පාලම් 14ක් කඩා වැටී ඇති අතර සංචාරකයින් 3,000ක පමණ පිරිසක් ප්‍රාන්තයේ විවිධ ප්‍රදේශවල අතරමංව සිටින බව සඳහන් .

Exit mobile version