ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කළ පොලිස් නිලධාරී ඩෙරෙක් චෞවින් පිහි ඇනුමකින් බරපතළ තුවාල ලබා තිබේ.
මිනියාපොලිස්හි හිටපු පොලිස් නිලධාරියෙකු වන ඩෙරෙක් චෞවින් පිහි ඇනුමකින් බරපතළ තුවාල ලබා ඇති බව එක්සත් ජනපද මාධ්‍යය වාර්තා කරයි.
ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කළ පොලිස් නිලධාරී ඩෙරෙක් චෞවින් පිහි ඇනුමකින් බරපතළ තුවාල ලබා තිබෙන අතර මිනියාපොලිස්හි හිටපු පොලිස් නිලධාරියෙකු බව එක්සත් ජනපද මාධ්‍යය වාර්තා කර තිබේ.
2020 දී සිදු වූ ෆ්ලොයිඩ් ගේ ඝාතනය පොලිස් ම්ලේච්ඡත්වයට සහ වර්ගවාදයට එරෙහිව ලොව පුරා විරෝධතා මාලාවක් ඇති කර තිබේ.
සිකුරාදා ඇරිසෝනාහි බන්ධනාගාරයක දී රැඳවියෙකු විසින් චෞවින්ට පිහියෙන් ඇන ඇති බව නම් නොකළ මූලාශ්‍ර උපුටා දක්වමින් ඇසෝසියේටඩ් ප්‍රෙස්, නිව් යෝර්ක් ටයිම්ස් සහ ඒබීසී ප්‍රවෘත්ති වාර්තා කර තිබේ.
ෆ්ලොයිඩ් ඝාතනය කළ පොලිස් නිලධාරියා, 2021 අප්‍රේල් මාසයේ දී මිනීමැරුම් සහ මනුෂ්‍ය ඝාතන චෝදනාවලට වැරදිකරු වීමෙන් පසු වසර විසි දෙකයි මාස හයක සිර දඬුවමකට යටත් වී තිබේ.
