දින 10 ට ඩෙංගු රෝගීන් 900ක් .

සැප්තැම්බර් මාසයේ ගතවු දින 10ක කාලය තුළ පමණක් ‍ඩෙංගු රෝගීන් 900කට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇති බවත් , ඩෙංගු රෝගීන් වාර්තා වීමේ සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබුණු නමුත් පවතින වැසි තත්ත්වයත් සමඟ යළිත් මදුරු ගහනයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා ,  

පසුගිය මාසයේ අපිට රෝගීන් 5,000ක වගේ ප්‍රමාණයකුත් මේ මාසයේ දින 10ක වගේ කාලය තුළ අපිට රෝගීන් 900කට ආසන්න ප්‍රමාණයකුත් වශයෙන් තමා වාර්තා වෙන්නේ. විශේෂයෙන් බස්නාහිර පළාත තමා 50%කට ආසන්න ප්‍රමාණයක් සමස්ත රෝගීන් ප්‍රමාණයෙන් නිරීක්ෂණය වෙන්නේ. කෙසේවෙතත් පසුගිය වකවාණුව අනුව සංසන්ඳනය කරාම පසුගිය මාසයත් මේ මාසයත් යන දත්ත අනුව රෝගීන්ගේ සැලකිය යුතු අඩුවක් තමා අපි නිරීක්ෂණය කරන්නේ. දෛනික රෝගීන් ඉහළ මට්ටමක සිට පහළ මට්ටමකට පැමිණ තිබෙනවා. දිනකට රෝගීන් 100ක් 125ක් වගේ වාර්තා වෙන තත්ත්වයක් දක්වා. කෙසේනමුත් දැනට වාර්තා වන ආකාරයට දිවයින පුරා කඩින් කඩින් වැසි තත්ත්වයක් පවතිනවා. එම නිසා මේ ප්‍රදේශවල මදුරු ගහනය වැඩිවිය හැකි අවදානමක් තියෙනවා.”

Exit mobile version