උණුසුම් කාලගුණයෙන් මිලියන 93කට පීඩා.

අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇමරිකාවේ මිලියන 93කට පීඩා එල්ල වී ඇති බව වාර්තා වේ.

පවතින තත්ත්වය හමුවේ නිරිතදිග වොෂින්ටන් ප්‍රාන්තය දක්වා අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව සදහන්.

මෙම උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ෆ්ලෝරීඩා ,ටෙක්සාස්,කැලිෆෝනියා වැනි ප්‍රාන්තවලට දැඩි බලපෑම් එල්ලවී තිබේ.

මෙම ප්‍රදේශවල උෂ්ණත්වය සටහන් වන්නේ සෙල්සියස් අංශක 43ක් ලෙස වුවත් දිවා කාලයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 46ක් දක්වා ඉහළ යා හැකි බවට ඇමරිකානු කාලගුණ සේවයෙන් අනතුරු අගවා තිබේ.

Exit mobile version