29 දා පැය 10ක ජල කප්පාදුවක්.

කොළොන්නාව පොම්පාගාරයේ ප්‍රධාන පැනලයේ අත්‍යාවශ්‍ය නඩත්ති කටයුත්තක් හේතුවෙන් අප්‍රේල් මස 29 වන දා  පෙ.ව.11.00 සිට රාත්‍රී 9.00 දක්වා  පැය 10 ක ජල කප්පාදුවක් සිඳු කෙරෙන බව ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව රාජගිරිය , ඔබේසේකරපුර , මොරගස්මුල්ල , කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය , බණ්ඩාරනායක , නාවල , කොස්වත්ත , ඇතුල්කෝට්ටේ , රාජගිරිය සිට නාවල විවෘ ත විශ්වවිද්‍යාලය දක්වා  ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලු මාර්ගවල ජල සැපයුම අත් හිටුවන බව සඳහන්.

Exit mobile version