අවුරුදු 10 ළමයෙකු හෙරෝයින් පානය කරලා.

පේදුරුතුඩුව පොලිසියට ලද තොරතුරකට අනුව යාපනයේ වඩමාරච්චි තුන්නාලේ ප්‍රදේශයේ අවුරුදු 10 ළමයෙකු හෙරෝයින් පානය කරමින් සිටිය දී ඊයේ  (04) අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මෙම ළමයා සන්තකයේ තිබී හෙරෝයින් පැකට්ටුවක් හමු වී ඇති අතර ඔහුට වඩා වයසින් වැඩි ළමයින් සමඟ හෙරෝයින් පානය කිරීමට ඇබ්බැහි වී ඇති බවත් , එම ඇබ්බැහි වීම නිසා පාසල් ගමන ද අවසන් කොට ඇති බවත් පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

Exit mobile version